Wednesday, March 19, 2025

General line - 0115112241

දේශබන්දුට දුන් අතුරු තහනම් නියෝගයට එරෙහි පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය කල්දෙයි

උදය කුමාර



දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ වගකීම් හා රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන අතරමැදි පෙත්සම කරුණු තවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

ඒ, එම අතරමැදි පෙත්සම යසන්ත කෝදාගොඩ, ජනක් ද  සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වන දා කැඳවන ලෙසයි.

පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේ තුන්නමක් විසින් එම අතරමැදි පෙත්සම ඉදිරිපත් කර තිබුණා.