Wednesday, March 19, 2025

General line - 0115112241

තුන්වන දිනටත් තැපැල් ඡන්දය සාමකාමීයි



2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම තුන්වන දිනටත් සාමකාමීව සිදු වූ බව මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා.

ඉහළ ප්‍රතිශතයක් මෙම දින තුන තුළදී තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි පැෆ්රල් සංවිධානය පැවසුවේ.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ තැපැල් ඡන්දයට අදාළව සුළු සිද්ධීන් 15ක් පමණක් වාර්තා වී ඇති බවයි.