Monday, April 14, 2025

General line - 0115112241

දුම්රිය සහ බස් මගීන්ගේ ලැප්ටොප් සොරකම් කල පුද්ගලයෙකු අත්අඩංගුවට 

සම්පත් කුලරත්න



කළුතර සහ පානදුර ප්‍රදේශයේ දුම්රිය සහ බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ලැප්ටොප් සහ පරිඝණක සොරකම් කල පුද්ගලයෙකු  කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර අල්විස් වත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසන්නේ 

තවද කළුතර නගර සභා ක්‍රීඩා පිටිය ආසන්නයේ දී සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී විකිණීමට සූදානම් කර තිබූ ලැප්ටොප් යන්ත්‍ර 5ක් සහ ජංගම දුරකථන 2 ක් සොයාගත් බවද පොලිසිය පවසා සිටියා.

සැකකරු වැදගත් රැකියාවක නිරත අයෙකු ලෙස පිලිවලට ඇද පැලද බස් සහ දුම්රිය වලට ගොඩවී එහි රාක්ක මත තබන ලැප්ටොප් සහ ජංගම දුරකථන සොරකම් කර තිබෙනවා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.