Wednesday, March 19, 2025

General line - 0115112241

ක්‍රීඩා ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිදුකරන බවට අනුරගෙන් පොරොන්දුවක්



මෙරට ක්‍රීඩාව විධිමත් ආකාරයෙන් වෙනස් කරන නව වැඩපිළිවෙලක් තම රජය යටතේ ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

කණ්ඩායමක් ලෙස හෝ ක්‍රීඩකයෙකු ලෙස ලබා ගන්නා ජයග්‍රහණ ඉදිරියටත් පවත්වා ගන්නා නව වැඩපිළිවෙලක් රටට අවශ්‍ය බව කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.


ජාතික ජන බලවේග රජයක් යටතේ පළමුව සිදු කරනු ලබන්නේ දිළිඳු ජනතාවට සහන ලබාදෙමින් ඔවුන් ශක්තිමත් කරන වැඩපිළිවෙලක් ආරම්භ කිරීම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.