Wednesday, March 19, 2025

General line - 0115112241

ඡන්දපත්‍රිකාවේ ඡායාරූප ගත් විදුහල්පතිට සිදු වූ දේ 



තම ඡන්ද පතේ ඡායාරූප ගත් මුලතිව්, පුදුකුඩිඉරිප්පු තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයා පොලිස් ඇප මත නිදහස් කර තිබෙනවා.

එසේ නිදහස් කළත් හෙට දිනයේදී මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි මුලතිව් පොලිසිය සඳහන් කර සිටියේ .

ඔහු විසින් එම තැපැල් ඡන්ද මධ්‍යස්ථානය තුළම ඔහුගේ තැපැල් ඡන්දය ප්‍රකාශය කරන අතරතුරදී ඡන්දය සලකුණු කළ නිල තැපැල් ඡන්ද පත්‍රිකාව තම දුරකථනයෙන් ඡායාරූප ගත කර තිබෙනවා.

පසුගිය 06 වනදා මෙම සිදුවීම එම තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේදී සිදුව ඇති අතර මැතිවරණ නිරීක්ෂණ නිලධාරින් සිදුකල පැමිණිල්ලකට අනුව අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

එලෙස අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි පොලිස් ඇප මත නිදහස් කර තිබෙන්නේ.