ජනාධිපතිවරණයට අදාළඡන්ද පත්‍රිකා බෙදමින් සිටි කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඉකුත් සෙනසුරාදා පස්වරු3.30ට පමණ නිල චන්ද පත්‍රිකා බෙදෙමින් සිටියදී ඔහු සමග ඇති වූ කතාබහක් දුර දිග ගොස් මෙම පහරදීම සිදුකර ඇති බවයි සිදු කල විමර්ශන වලදී අනාවරණය වී තිබෙනේ.
රාජකාරියට බාධා කිරීම, පහරදීම අයුතු අවහිරය යනචෝදනා යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයා කළුතර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය පවසා සිටියේ.