Wednesday, March 19, 2025

General line - 0115112241

දරුවන්ගේ අනාගතය වෙනුවෙන්  රැකියා ලක්ෂ විස්සක් බිහිකරන බව නාමල් කියයි

සම්පත් කුලරත්න



අපි වැඩකරන දේශපාලන බලවේගයක් බවත් මැතිවරණ ඉලක්ක කරගනිමින් ප්‍රතිපත්ති ඉදිරිපත්  නොකරන බව ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ අද උදෑසන පානදුර නගරයේ පැවති නාමල් රාජපක්ෂ මහතාගේ ජයතාව හුරු කෙරෙන ජනරැළිය අමතමින් 

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ මෙවැන්නක් 

 " මගේ  ආර්ථික දැක්ම මම ඉදිරිපත් කරල  තියෙනවා .

අසීමිත බදුවලට කැමති නෑ

අපි වැඩකරන දේශපාලන බලවේගයක්. පොරොන්දු වලට පමණක් නොවෙයි .

ඉදිරිපත් කර ඇත්තේ හිතකර ප්‍රතිපත්ති. මැතිවරණ ඉලක්ක කරගනිමින් ප්‍රතිපත්ති ඉදිරිපත්  කරන්නේ නෑ.
සමහර අය බැරි දේවල් කියනවා.

ජනතාවට දරන්න පුළුවන් බදු දෙන්න ඕන. අසීමිත බදු එපා. රටේ එකම ආදායම් බදු කියල අපි විශ්වාස කරන්නේ නෑ.

ගොවියා ,කම්කරුවා සංචාරක කර්මාන්තය දියුණු කරල ආදායම් සොයාගන්න පුළුවන් . 

මේක නූතන පරම්පරාවේ බලවේගයක්. නවීකරණය වෙච්ච බලවේගයක්. 

ඩිජිටල් කරනය තුලින් ජනතාවගේ  සේවය කාර්‍යක්සම කරන්න ඕන . 

සෞඛ්‍ය පහසුකම් දියුණු කරන වැඩපිලිවලක් අපි ළග තියෙනවා. 

රෝහල් ජාලගත කලයුතුයි. 

ඖෂධ හිගය, සෞඛ්‍ය අංශයේ උසස් වීම්, මාරුවීම ජාලගත කල යුතුයි .

ටෙන්ඩර් ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන. සම්ප්‍රදායික ක්‍රම තුලින් වංචා දූෂණය නවත්වන්න බෑ.

තරගකාරී ලංසු ක්‍රමයට ටෙන්ඩර් ක්‍රමවේදයක් හදුන්වා දෙනවා.

එක් එක් අංශයට ආවේනික පරිවර්තනයක් වෙන්න ඕන.

හැම දෙයක් දිහාම එක ඇහැකින් බලල කරන්න බෑ. තාක්ෂණය භාවිතා කරල හොද ක්‍රමවේදයක් තුල ප්‍රසම්පාදනය සිදුකරන්න ඕන. 
එවිට ගුණාත්මක භාවයෙන් යුත් සේවාවක් දෙන්න පුළුවන් .

ඔළු ගෙඩි මාරුකරාට මේක කරන්න බෑ. තාක්ෂණය එක්ක බද්ද කිරීම කල යුතුයි ඒක තමයි හොද ක්‍රමය. 

ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන්  රැකියා ලක්ෂ විස්සක් බිහිකරනවා. ගමේ ව්‍යවසයකගේ තත්ත්වය ග්‍රාමීය බැංකුව තුලින් දියුණු කරනවා.

අනාගතය භාරගන්න අයට කියන්නේ මේක හදුනා ගන්න. කියවා බලන්න හොද ප්‍රතිපත්තිය මොකක්ද කියලා.

බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රය කරගනිමින් අනෙක් සංස්කෘතින් ආරක්ෂක කරන්න ඕන. පොදුජන පෙරමුණ එවැනි දේශපාලන දහරාවක්."