ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට බව කියමින් කැස්බෑව ඩිපෝවෙන් පස් විසිපහක් වෙන් කරගෙන ගාල්ලේ ගෙයින් ගෙට ප්‍රචාරක කටයුතු කිරීම සදහා පිරිස් ගෙන්වාගෙන ඇති බවත්, ඔවුන්ට ගාල්ලේ ජනතාව නොමැති නිසා මේ ආකාරයට බස්වලින් පිරිස් ගෙන්වා ඇති බවත් මනුෂ නානායක්කාර පවසනවා
ඔහු මේ බව පවසා සිටියේ අද උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර පවසා සිටියේ මෙවැන්නක්
" ඊයේ ගාල්ලේ අය කැන්වසින් කළා.
දාහතරදාහක් වන ඡන්ද මධ්‍යස්ථානවල ජනාධිපතිතුමා වෙනුවෙන් කැන්වසින් කළා.
අද උදේ මට ප්‍රවෘත්තියක් ලැබුණා.
ඒකේ ඇත්ත නැත්ත මාධ්‍යයෙන් හොයලා බලන්න.
කැස්බෑව ඩිපෝවෙන් බස් විසිපහක් ගාල්ලට එන්න වෙන් කරගෙන තියෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් කියලා තමයි මේ බස් වෙන් කරගෙන තියෙන්නේ.
බැලුවම ගාල්ලේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් නෑ.
එක බස් එකකට හැට දාහක් වෙන් කරලා තියෙනවා.
සංවිධානය කරන කෙනාට තව විසිදාහක් වෙන් කරලා.
ගාල්ලේ රැස්වීමක් නෑ. හැබැයි මම කහදූවව්ත හරියෙන් එනකොට පාරේ දෙපැත්තේ කැන්වසින් යනවා.
දන්න අදුනන මූනු එකක්වත් තිබුණේ නෑ.
එක තැනක දෙකන විතරක් දන්න අය එක්කෙනෙක් හිටියා.
රට වටෙන්ම ගාල්ලට ගෙනත් ජනතා විමුක්ති පෙරමුණේ කැන්වසින් එක කරන්න හදනවා.
ගාල්ලේ කවුරුවත් ජනතා විමුක්ති පෙරමුණේ කැන්වසින් යන්න මෝඩ නෑ.
ඒ නිසා බස් විසිපහකින් සෙනග ගෙනත් කැන්වසින් යනවා.
මේක තමයි රටේ හදන්න හදන ව්‍යාජ රැල්ල.
කැස්බෑව ඩිපෝවෙන් බස් විසිපහක් වෙන් කරලා තියෙවාද,
ඒ බස් ගියේ කොහේටද, ඒ පිළිබද සොයා බලන්න කියලා මාධ්‍යයෙන් ඉල්ලනවා.
සාගරිකා ගෝමස් ප්‍රවෘත්ති කිව්වා කියලා මැරුවා.
ප්‍රේමකීර්ති ද අල්විස් මැරුවා. රිචඩ් ද සොයිසා ඝාතනය කළා.
ජනප්‍රිය සංගීත කණ්ඩාමක් වෙන මේරියන්ස් සංගීත කණ්ඩායමේ රෝසලා සිංදුවක් වෙනස් කරලා කිව්වා.
උපහාසයට සිංදුවක් කිව්වා. සංගීත කණ්ඩායමට තර්ජන ආවා.
සංගීත කණ්ඩායමට තර්ජන ආවා. අපේ අතින් වරදක් වුනේ, අපි හිතලා කළේ නෑ කියලා කියන්න සංගීත කණ්ඩායමට සිදුවුනා.
උතුරට ගිහින් අනික් අතට තර්ජනය කරනවා.
දකුණේ ජනතාව මෙහෙම එකගතාවයක් ඇති කරගෙන තියෙනවා, උතුර ඒක නොකළොත් දකුණේ අය මොන වගේ තීන්දු ගනීවිද කියලා දන්නේ නෑ කියලා තර්ජනය කරනවා
ජනතා විමුක්ති පෙරමුණේ රැළියකට ගියපු හමුදා නිලධාරියෙක් තර්ජනය කරන වීඩියෝ අපි දැක්කා.
මේ තර්ජනි කරලා නැවත වතාවක් 88 -89 වගේ තත්වයක් ඇති කර්න හදන්නේ.
නැවත වතාවක් රමට් භිෂණයක් ඇති කරන්න හදන්නේ.
මේ පිළිබදව රටේ ජනතාව කල්පනා කර්න ඕන. මැතිවරණ කොමිසම අවධානය ලක් කරන්න ඕන."