Saturday, March 15, 2025

General line - 0115112241

කෙන්යාවේ තවත් සිසුන් 150ක් සිටින පිරිමි පාසලේ නේවාසිකාගාරයක ගින්නක්



කෙන්යාවේ මධ්‍යම මේරු ප්‍රාන්තයේ පිරිමි පාසලක නේවාසිකාගාරයක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කෙසේවෙතත් ගින්නෙන් එම නේවාසිකාගාරය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

ගින්න හටගත් අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ සිසුන් 150 දෙනෙකු පමණ රැඳී සිට ඇති අතර ඔවුන් කඩිනමින් එම ස්ථානයෙන් ඉවත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

දින කිහිපයක් තුළ කෙන්යාවේ පාසල් ආශ්‍රිතව සිදු වූ තුන්වන ගිනි ගැනීම මෙය වනවා.

එරට නියැරි ප්‍රාන්තයේ පාසලක නේවාසිකාගාරයක් තුළ පසුගිය බ්‍රහස්පතින්දා ගින්නක් හටගෙන තිබුණා.

සිසුන් නිදි යහනේ සිටියදී එම ගින්න හටගෙන ඇති අතර එහිදී සිසුන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

පසුගිය සෙනසුරාදා ද ඉසිඕලෝ ප්‍රාන්තයේ බාලිකා පාසලක ද ගින්නක් හටගෙන තිබුණා.

කෙසේවෙතත් එම ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.