Sunday, April 13, 2025

General line - 0115112241

නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වූ පුද්ගලයන් 06ක් අත්අඩංගුවට

මාධව කුලසූරිය



නීති විරෝධි අයුරින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකල පුද්ගලයින් 06 දෙනෙකු පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ ජනාධිපති ධූර අපේක්ෂයෙකුගේ ඡන්ද ලකුණ ප්‍රදර්ශනය කරමින්, නීති විරෝධි අයුරින් යතුරුපැදි පෙළපාලියක නිරතව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.