Wednesday, March 19, 2025

General line - 0115112241

පානදුර මුහුදේ අතුරුදන් වූ තරුණයෙකු සොයා මෙහෙයුමක්



පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දියවැලකට හසුවී අතුරුදන් වූ තරුණයෙකු සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ, පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් විසින්.

ඔහු තවත් පුද්ගලයෙකු සමඟ දිය නාමින් සිටියදී එලෙස අතුරුදන්ව තිබෙනවා.

වහා ක්‍රියාත්මක වූ පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් විසින් එක් පුද්ගලයෙකු බේරාගත් බවයි පොලිසිය පැවසුවේ.

අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 24ක් වන පානදුර, තොටවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා.