Saturday, May 3, 2025

General line - 0115112241

කාලගුණය යළි වෙනස් වෙයි

එන් ඒ ඩබ් නිරෝෂන්



දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද සිට ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න පැවසුවේ. 


දිවයින වටා වන මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳව ද ඔහු කරුණු දැක්වුවා.