Monday, April 14, 2025

General line - 0115112241

මැතිවරණ පැමිණිලි 3,000 පනී



ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3,041ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා 

ඉන් පැමිණිලි 2,947ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළවයි.

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 25ක් ද මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබෙනවා.

කෙසේවෙතත් ලද සමස්ථ පැමිණිලි 3,041න්  2,271ක් මේ වනවිට විසඳා ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.