Thursday, March 20, 2025

General line - 0115112241

තැපැල් ඡන්දයට අද සහ හෙට තවත් අවස්ථාවක්



2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමේ දෙවන අදියර අද ආරම්භ වනවා.

ඒ අනුව මීට පෙර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබාදී තිබූ දින තුනේදී ඡන්දය ප්‍රකාශය කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරින්ට අද සහ හෙට යන දින දෙකේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව  සලසා දී තිබෙනවා. 

පෙර දිනවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී අද සහ හෙට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

තැපැල් ඡන්දය සලකුණු කිරීමට වෙන්කර තිබූ පළමු දින තුන තුළදී විශාල ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

සෙසු රාජ්‍ය නිලධාරින් ද අද සහ හෙට යන දිනවල ඡන්දය ප්‍රකාශ කර තැපැල් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය තවදුරටත් ඉහළ යනු ඇති බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.


මීට පෙර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලැබී තිබුණේ ඉකුත් 04, 05 සහ 06 යන දිනවලදීයි.