Thursday, March 20, 2025

General line - 0115112241

මැතිවරණ නීති ක්‍රියාත්මක නොකරන පොලිස් ස්ථානාධිපතිවරු දෙදෙනෙකු ගැන පැමිණිලි



මැතිවරණ නීති ක්‍රියාත්මක නොකරන පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු සම්බන්ධයෙන්  පැෆ්රල් සංවිධානය ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබෙනවා.

එලෙස පැමිණිලි කර ඇත්තේ බදුල්ල සහ වව්නියාව මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරුන්ට එරෙහිවයි.

මැතිවරණ නීති උල්ලංඝනය කළ පිරිසක් අත්අඩංගුවට ගෙන අත්තනෝමතික ලෙස මුදා හැරීම සම්බන්ධයෙන් බදුල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාට එරෙහිව අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

වව්නියාව මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාට එරෙහිව පැමිණිලි කර ඇත්තේ නීතිවිරෝධී පෝස්ටර් සහ කටවුට් ඉවත් නොකිරීමට අදාලවයි.