Friday, March 21, 2025

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාග කාලසීමාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විශේෂ වැඩපිළිවෙළක්



මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන ලබන 15වනදා ආපදා තත්ත්වයන් ඇතිවුවහොත් බාධාවකින් තොරව සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ යම් ආපදාවක් හේතුවෙන් සිසුවෙකුට විභාග මධ්‍යස්ථාන වෙත යාමට අපහසුතාවක් වෙතොත් 117 යන හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙසයි

එලෙස පීඩාවට පත් වන සිසුන් වෙනුවෙන් සියලු නිලධාරීන් කඩිනම්ව මැදිහත් වන බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවා.