Friday, March 21, 2025

General line - 0115112241

තවත් මැතිවරණ පැමිණිලි 204ක්



ජනාධිපතිවරණයට අදාළ තවත් මැතිවරණ පැමිණිලි 204ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව සමස්ත මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 3,610ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිසම පැවසුවේ.

ඉන් පැමිණිලි 3,506ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළවයි.

කෙසේවෙතත් ලද මුළු පැමිණිලි සංඛ්‍යාව වන 3,610න් 3,047ක් මේ වනවිට විසඳා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.