Saturday, March 22, 2025

General line - 0115112241

වෙලේ සුදාගේ සිර කුටියෙන් ජංගම දුරකතනයක්



බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළෛ් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ සිර කුටියේ තිබී නවීන පන්නයේ ජංගම දුරකථනයක් සොයා ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ හදිසි පරික්ෂාවකදීයි.

මරණ දඬුවම නියම වී සිටින වෙලේ සුදා බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ  A කොටසේ අංක 38 සිරමැදිරියේ රඳවා සිටිනවා.

සිය භාරයට ගත් ජංගම දුරකතනය වැඩිදුර විමර්ශන සදහා බූස්ස බන්ධනාගාර  පාලනාධිකාරිය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.