Friday, March 21, 2025

General line - 0115112241

ආගමන විගමන පාලකවරයාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

උදය කුමාර



ආගමන හා විගමන පාලකවරයාට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

විද්‍යුත් යුත් වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් අතුරු නියෝග ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝග නිකුත් කළා.

එම්.ඒ. සුමන්දිරන්, රවුෆ් හකිම් සහ පාඨලී චම්පික රණවක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව විද්‍යුත් වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් මෙම නියෝගය ඉකුත්දා නිකුත් කර තිබුණා.