Monday, April 14, 2025

General line - 0115112241

ගිනි අවි සහ පතරොම් සමග සැකකරුවෙකු අත්අඩංගුවට



වෙන්නප්පුව, උල්හිටියාව ප්‍රදේශයේදී ගිනි අවි සහ පතරොම් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබී ගිනි අවි තුනක්, බෝර 12 වර්ගයේ පතරොම් 104ක් සහ පුහුණු උණ්ඩ 131ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.