Friday, March 21, 2025

General line - 0115112241

නීතිවිරෝධීව ගෙන්වූ බීඩි කොළ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට



මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන්වූ බීඩි කොළ තොගයක්, වෑන් රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවෙකු නොරොච්චෝලය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරක් මත නොරොච්චෝලය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි.

එම වෑන් රථයේ තිබී බීඩි කොළ කිලෝ 371ක් සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන නොරොච්චෝලය පොලීසිය මගින් ක්‍රියාත්මකයි.