Friday, March 21, 2025

General line - 0115112241

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු STF අත්අඩංගුවට



අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු රාගම, වල්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 780ක්, රුපියල් 30,700ක මුදලක්, ඩිජිටල් තරාදියක් සහ ජංගම දුරකතන දෙකක් සොයා ගෙන තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.