Friday, March 21, 2025

General line - 0115112241

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදැහැරීම අදින් අවසන්



මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම අද දිනයෙන් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ අද දිනයෙන් පසුව සිය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයන්ට ලබන සතියේ තමන් පදිංචි ප්‍රදේශයට අදාළ තැපැල් කාර්යාලයට ගොස් එය ලබා ගත හැකි බවයි. 

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 85ක ප්‍රමාණයක් මේ වන විට බෙදා හැර අවසන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.