Saturday, March 22, 2025

General line - 0115112241

තැපෑල ගෙයින් ගෙට ගොස් ඡන්ද කාඩ් සියයට 91ක් බෙදයි



ගෙයින් ගෙට ගොස් නිල ඡන්ද දැන්වීමේ පත්‍රිකා සියයට 91කට අධික ප්‍රමාණයක් බෙදාහැරි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ මෙතෙක් නිල ඡන්ද දැන්වීමේ පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින්ට ලබන 18 වනදා සිට සිය ලිපි බෙදාහරින තැපැල් කාර්යාලයට ගොස් එය ලබාගත හැකි බවයි.