Saturday, March 22, 2025

General line - 0115112241

ඉදිරි සතිය තීරණාත්මකයි - අනුරගෙන් ජනතාවට දැනුම් දීමක්



ඉදිරි සතිය තීරණාත්මක සතියක් වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සිදුවන දේශපාලන සිදුවීම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

මීරිගම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

ජනතාවට බොරු පොරොන්දු ලබා දෙමින් දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ පවසනවා.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ දේශපාලන නායකයින් ලබාදෙන එවැනි පොරොන්දුවලට නොරැවටී කටයුතු කරන ලෙසයි.