Saturday, March 22, 2025

General line - 0115112241

පොහොට්ටුව හැරගිය පිරිසට මහින්දගෙන් දැනුම් දීමක්



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයක් යටතේ උතුරු නැගෙනහිර සංවර්ධනය තවදුරටත් කඩිනම් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අම්පාර ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදමා වෙනත් පක්ෂවලට සම්බන්ධ වූ කණ්ඩායම්වලට නැවත වතාවක් තම පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමට හැකියාවක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සමඟ එක්ව නැවත පක්ෂය ගොඩනැගීමට සියලු දෙනා එක්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.