Sunday, April 13, 2025

General line - 0115112241

වේයන්ගොඩ මනුෂ්‍ය ඝාතනයක්



වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

තියුණු ආයුධයකින් පහර දී එම පුද්ගලයා ඝාතනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

බරපතල තුවාල ලැබූ ඔහු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

ඒලෙස මියගොස් ඇත්තේ වඳුරව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි වේයංගොඩ පොලිසිය පැවසුවේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.