Saturday, March 22, 2025

General line - 0115112241

ඇමති ටිරාන්ගෙන් පොලිසියට උපදෙසක්



ජනාධිපතිවරණයට අදාළ ආරක්ෂක කටයුතු සඳහා 60,000කට අධික පොලිස් නිලධාරින් පිරිසක් යෙදවීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඡන්ද විමසීම සිදුකෙරෙන ස්ථාන, ඡන්ද ගණන් කිරීමේ ස්ථාන මෙන්ම ඡන්ද විමසීම පැවැවෙන දිනයේ ජංගම මුර සේවා ඇතුළු ආරක්ෂක වැඩසටහන් සඳහා එම නිලධාරින් යොදවන බවයි.

යම් ඡන්ද මධ්‍යස්ථානයක කලහකාරී සිදුවීමක් ඇති වුවහොත් උපරිම බලය භාවිත කරන ලෙසට පොලිස් නිලධාරින්ට දැනුම් දී ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියා.