Monday, March 24, 2025

General line - 0115112241

කීරියගොල්ල රක්‍ෂිතයේ ගින්නෙන් අක්කර 10කට හානි

ජයන්ත වීරසේකර



වැල්ලවාය, කීරියගොල්ල රක්ෂිතයේ හට ගත් ගින්නෙන් එම රක්‍ෂිතයේ අක්කර දහයක් පමණ විනාශ වී තිබෙනවා.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කීරියගොල්ල කඳු රක්ෂිතයේ මෙම ගින්න හටගෙන ඇත්තේ ඊයේ පස්වරුවේදීයි.

රාත්‍රී කාලය පුරාවටම කඳු රක්ෂිතයේ ගින්න පැතිර යාම හේතුවෙන් රක්ෂිතයේ විශාල භූමි ප්‍රමාණයකට හානි සිදුව තිබෙනවා.

මේ දිනවල වැල්ලවාය කීරියගොල්ල ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුළං තත්ත්වය ගින්නට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

අද අලුයම වන විට ගින්න සම්පූර්ණයෙන් ම පාලනය වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.