Monday, March 24, 2025

General line - 0115112241

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පිරිසට දැනුම් දීමක්



මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින්ට තමන්ට අයත් තැපැල් කාර්යාලයෙන් එය ලබා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පවසනවා.

එසේ නොමැති වුවද වලංගු හැඳුනුම්පතක් තිබේ නම් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ඇති බවයි ඔහු කියා සිටියේ. 

මේ අතර මැතිවරණ රාජකාරී සඳහා පත්වීම් ලිපි ලබා ඇති සියලු නිලධාරීන් අනිවාර්යෙන් රාජකාරී සඳහා වාර්තා කළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.