Saturday, March 29, 2025

General line - 0115112241

මහින්ද සිරිවර්ධන සිය ධුරයේ වැඩ භාර ගනී



මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ මහින්ද සිරිවර්ධන මහතා අද සිය ධුරයේ යළි වැඩ භාර ගත්තා.

එම අවස්ථාවට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

ඔහු ඉකුත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ද මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයායි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා මහින්ද සිරිවර්ධන මහතා සුවිශේෂි සේවයක් ඉටුකළ අයෙක්.