Sunday, March 30, 2025

General line - 0115112241

විදේශීය ගිනි අවියක් සහ පතොරම් සමග පුද්ගලයෙකු STF අත්අඩංගුවට



විදේශීය නිෂ්පාදිත ගිනි අවියක් හා පතොරම් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මොණරාගල, බෝහිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

එම වැටලීමේදී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ 02ක්, ඊයම් බෝල සහ භාවිත කරන ලද උණ්ඩ 05ක් සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැදිකුඹුර, මොණරාගල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මොණරාගල පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.