Saturday, March 29, 2025

General line - 0115112241

පාස්පෝට් ගැටලුව විසඳන කාලය ඇමති විජිත කියයි



ඔක්තෝම්බර් 20 වනදා පමණ වන විට මේ වන විට මතුව ඇති විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කලේ මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ අද වැඩ භාරගැනීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

දේශපාලන ඇගිලි ගැසීම්වලින් තොරව පොලීසියට අද සිට සිය රාජකාරී ඉටු කිරීමට උපරිම බලය ලබා දෙන බවද මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර අමාත්‍ය විජිත හේරත් මහතා අද පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යංශයේද වැඩ භාරගත්තා. මේ එහිදී අදහස් පළ කළ අමාත්‍ය විජිත හේරත්.