Monday, March 31, 2025

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ



25 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට ආරම්භ වුණා.

ඒ, කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදීයි.

පොත් ප්‍රදර්ශනය ඔත්තෝබර් මස 06 වනදා දක්වා උදෑසන 09 සිට රාත්‍රී 09 දක්වා විවෘතව පවතිනවා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා නෙත් එෆ් එම් රේඩියෝව මෙවරද මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා.