Monday, April 21, 2025

General line - 0115112241

දියේ ගිලී පුද්ගලයන් දෙදෙනෙකු මරුට



මුන්දලම කුරුඳු වැවේ මසුන් මැරීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ බරණන්කොටුව ප්‍රදේශයේ පුද්ගලයෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.

ඔහුගේ මෘත ශරීරය පුත්තලම රෝහලේ තැන්පත් කර තිබෙනවා. 

මේ අතර වත්තේගම පල්ලේගුන්නෑපාන ප්‍රදේශයේදී පොල්ගොල්ල ජලාශයේ දියේ ගිලී තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඔහු තවත් තරුණයෙකු සමග දිය නෑමට ගොස් සිටියදී එලෙස අනතුරට පත්ව තිබෙනවා.

අතුරුදන් වූ අනෙක් තරුණයා සොයා නාවික හමුදා කිමිදුම් නිලධාරීන් විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලීසිය පැවසුවේ.