Tuesday, April 1, 2025

General line - 0115112241

විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ටී.කේ.ජී.කපිල



නීති විරෝධීව මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනා.

ඒ, කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේදීයි.

එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි සිට මෙරටට රැගෙන එන ලද දුම්වැටි 36,800ක් සමඟයි.

සැකකාරිය ජාඇල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වනවා.

අනෙක් කාන්තාව ඉන්දියාවේ සිට මෙරටට පැමිණ තිබෙනවා.

ඇය සන්තකයේ තිබී සොයාගත් දුම්වැටි ප්‍රමාණය 6,000ක්.

සැකකාරිය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරින් විසින් මෙම සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.