Tuesday, April 1, 2025

General line - 0115112241

ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ ගංජා තොගයක් සොයා ගැනේ

මාධව කුලසූරිය



ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් මෙරටට රැගෙන ආ කේරළ ගංජා තොගයක් පලෙයි පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ, කිලිනොච්චිය, මනල්කාඩු ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමකදීයි.

පොලිසිය පැවසුවේ යුධ හමුදා බුද්ධි අංශ නිළධාරීන් වෙත ලද තොරතුරක් මත මන්නාරම මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය සමඟ මෙම මෙහෙයුම සිදුකල බවයි.

එහිදී කේරල ගංජා කිලෝ 104යි ග්‍රෑම් 217ක් සොයාගෙන තිබෙනවා.

මෙහෙයුම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනෙකු පලා ගිය බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.