Wednesday, May 21, 2025

General line - 0115112241

විශ්‍රාමිකයන්ට අන්තර් කාලීන දීමනාවක්.



සියලුම විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3,000 ක මාසික අන්තර් කාලීන දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම මාසයට අදාළ විශ්‍රාම වැටුප් මේ වන විට ගෙවා අවසන් බැවින් මෙම මාසයට අදාළ රුපියල් 3,000 දීමනාව විශ්‍රාමිකයන් වෙත ලබාදීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පැවසුවේ.

2024/2025 මහ කන්නයේ වී වගාකරන ගොවීන් වෙත හෙක්ටයාරයකට රුපියල් 25,000 බැගින් හෙක්ටයාර 02 ක උපරිමයක් දක්වා පොහොර සහනාධාරය වැඩිකර ලබාදීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් මේ බව කියා සිටියා.