Saturday, April 19, 2025

General line - 0115112241

ඇල්පිටියේ දිනුම කාටද? - මාලිමාවෙන් විපක්ෂයට පිළිතුරු



ඉකුත්දා පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ තාවකාලික උන්මාදයකින් පෙලෙන බව ජාතික ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ ජාතික විධායක සභික මහින්ද ජයසිංහ මහතා පැවසුවේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17 න් 15 ක් ජයගෙන ඇත්තේ සිය පක්ෂය බවයි.

ඒ අනුව සිය පක්ෂයට එම මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිව ඇති බවයි ඔහු කියා සිටියේ. 


ඇතැමුන් ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණ ප්‍රතිඵලය අනුව මහ මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් අනාවැකි පළ කිරීමට උත්සාහ කළ ද එම මැතිවරණ දෙක සංසන්ධනය කිරීම ප්‍රායෝගික නොවන බවද මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.