Thursday, April 17, 2025

General line - 0115112241

කේරළයේ හින්දු කෝවිලක ගින්නකින් පුද්ගලයින් 150 කට තුවාල



ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ හින්දු කෝවිලක උත්සවයක් අතරතුර හටගත් ගින්නකින් එම කොවිලේ රැඳී සිටි පුද්ගලයින් 150 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයින් අතරින් 08 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

එම කෝවිලේ පැවති උත්සවය අතරතුර ගිනිකෙළි සංදර්ශනයක් පවත්වා ඇති අතර එහිදී කෝවිල අසල පිහිටි ගිනිකෙළි ගබඩාවක් තුළ ඇතිවූ ගින්නක් ව්‍යාප්ත වී එම කෝවිලට ගිනි ඇවිලී ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා.