Saturday, April 19, 2025

General line - 0115112241

දුම්රිය ස්ථානාධිපතිවරුන් සංකේත වැඩ වර්ජනයක



දුම්රිය ස්ථානාධිපතිවරුන් අද පස්වරු 04යි 30 සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීමේ රාජකාරීවලින් මේ මෙහොතේ සිට ඉවත් වීමටයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර ඇත්තේ.

ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් සමග පැවැති සාකච්ඡාව අසාර්ථකවීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම තීරණය ගත් බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා පැවසුවේ.