Saturday, April 19, 2025

General line - 0115112241

අධික මිලට රා අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට



බලපත්‍ර නොමැතිව වතු කම්කරුවන්ට අධික මිලකට රා අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරක් මත බගවන්තලාව පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි.

අදාළ කාන්තාව සිය නිවසට රා බෝතල් විශාල ප්‍රමාණයක් රැගෙන ගොස් ඒවා අධික මිලකට අලෙවි කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

එලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ රා බෝතල් 45ක් පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කාන්තාව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.