Wednesday, April 23, 2025

General line - 0115112241

වෛද්‍ය ෂාෆි සියලු චෝදනාවලින් නිදහස් කෙරේ



කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යේෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් ෂාෆි සියලු චෝදනාවලින් නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

මව්වරුන් 4,000ක පමණ පිරිසකට වඳ සැත්කම් කළේ යැයි එම වෛද්‍යවරයාට චෝදනා එල්ල වුණා.

කෙසේවෙතත් එම චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අසමත් වීම සැලකිල්ලට ගෙන නීතිපතිවරයාගේ උපදෙස් මත ෂාෆි වෛද්‍යවරයා නිදහස් කරන බවයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.