Wednesday, April 23, 2025

General line - 0115112241

හිටපු මන්ත්‍රීවරයෙකුගේ කොළඹ නිවස පරික්ෂා කිරීම ගැන පොලිසිය කතාකරයි



කොල්ලුපිටියේ මල් පාරේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගෙන් නිවසේ එකලස් කරන ලද වාහනයක් සහ හමුදා කැලෑ ඇඳුම් කිහිපයක් ඇති බවට ලද තොරතුර සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලීසිය පවසනවා.

ලද තොරතුරට අනුව ඊයේ දිනයේ ඒ මහතාගේ නිවස පානදුර, වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරින් කණ්ඩායමක් විසින් පරික්ෂා කරනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සහ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා.