Tuesday, May 20, 2025

General line - 0115112241

තෙලිකඩ මාරක රිය අනතුරක්



තෙලිකඩ, මාවඩවිල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගිනිමැල්ගහ දෙස සිට මාවඩවිල දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී තුවාල ලැබූ යතුරු පැදිකරු ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 71 ක් වූ මාවඩවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.