Friday, April 25, 2025

General line - 0115112241

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්



විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආර්. එම්. එස්. පී. එස්. බණ්ඩාර මහතා අද වැඩ භාර ගත්තා. 

ඔහු එම තනතුරට පත්කරන ලද්දේ ඉකුත් නොවැම්බර් මස 05වනදා පැවති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුවයි. 

ආර්. එම්. එස්. පී. එස්. බණ්ඩාර මහතා, මීට පෙර විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ  ජනරාල් තනතුරෙහි සේවය කරනු ලැබූවා. 

ඔහු ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීයෙක්ද වනවා. 

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කරන ලද ආර්. එම්. එස්. පී. එස්. බණ්ඩාර මහතා අද දිනයේ මුදල් අමාත්‍යාංශයේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේදී නව තනතුරේ වැඩ භාර ගනු ලැබුවා.