Friday, April 25, 2025

General line - 0115112241

ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට



ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව දැනට ධාවනය වන බස් රථවලට අමතරව අතිරේක බස් රථ ද ධාවනයට එක්කරන බවයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.


කෙසේවෙතත් ලබන 14 සහ 15 යන දෙදින පෞද්ගලික බස් රථ ධාවනය වන්නේ සියයට 25 ක් පමණක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ බස් රථ සේවක මහතුන් ද ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යාම හේතුවෙන් එලෙස බස් රථ ධාවනය අඩුවිය හැකි බවයි.


මේ අතර දුම්රිය කිහිපයකට අමතර දුම්රිය මැදිරි එක් කර ඇති බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍ය අධිකාරී එන් ජේ ඉඳිපොළගේ මහතා පැවසුවා.