Friday, April 25, 2025

General line - 0115112241

නව අමාත්‍යවරුන් රැසක් වැඩ භාරගැනීම පස්වරුවේ



අභිනවයෙන් පත් වූ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද පස්වරුවේ සිය ධූරයන්හි වැඩ භාරගැනීමට නියමිතව තිබෙනවා.

ඒ, පෙරවරුවේ ආරම්භ වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුවයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පස්වරු 02.00 ට කොළඹ 10, සුවසිරිපායේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යශයේදී වැඩ භාරගැනීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වසන්ත සමරසිංහ, සුනිල් කුමාර ගමගේ, අනුර කරුණාතිලක, ඉංජිනේරු පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි, කේ ඩී ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය ධම්මික පටපැදි, උපාලි පන්නිලගේ, රාමලිංගම් චන්ද්‍රසේකරන්, බිමල් රත්නායක සහ හිනිදුම සුනිල් සෙනෙවි යන මහත්වරුන් ද අද පස්වරුවේ ඔවුන්ට අයත් අමාත්‍යංශවලදී වැඩ භාරගැනීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.