Tuesday, April 29, 2025

General line - 0115112241

රාජ්‍ය බැංකුවක සේවකයෙකු ඝාතනය කෙරේ

ඌරුබොක්ක පතිරණ



මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක කාර්යාල කාර්ය සහයකයෙකු ඝාතනය කර තිබෙනවා. 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බෙරළපනාතර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි එක් දරු පියෙක්. 

සිය රාජකාරී නිමවා ඊයේ රාත්‍රියේ සිය නිවස බලා පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස ඝාතනයට ලක්ව තිබුණා. 

තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලීසිය පවසන්නේ. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද අලුයම ජීවිතක්‍ෂයට පත් වුණා. 

ඝාතනයට හේතුව හෝ ඝාතනය සිදු කළ පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.