Monday, April 28, 2025

General line - 0115112241

දේශපාලනෙන් සමුගන්නවා ද? - නිමල් සිරිපාලගෙන් ප්‍රතිචාර



නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් සිය පක්ෂයට හිමිවිය යුතු මන්ත්‍රී ධූරය ලබාදෙන ලෙසට යළි එම පෙරමුණෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. 

පක්ෂ දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව එම තීරණය ගත් බවයි  මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ. 

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ද අදහස් පළ කළා.